Ma Sandaha Divi Piduwe

මා සඳහා දිවි පිදුවේ

Spread the Good news!

Listen count (statistic)

111 users have listened to this hymn this month (December 2025)

Lyrics

මා සඳහා දිවි පිදුවේ
මරණෙන් හෝ උත්ථාන වුණේ
ඔබ ඇරැ වෙන කවුදෝ කවුදෝ
ජේසු මගේ කිතු සමිඳේ

වින විපතට හෝ වේවා
දුක් වෙයිනට හෝ වේවා
කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා

පිඩාවට හෝ වේවා
සාගින්නට හෝ වේවා
කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා

දුගී දුකට හෝ වේවා
කඩු පහරට හෝ වේවා
කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා

මරුවා හට හෝ වේවා
මොන බලවතාට වේවා
කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා

සෙනෙහස දෙවිඳුන් අප වෙත පෑ
ජේසු තුමන් ගේ මුව මඬලේ
දිස්වනු රඟ සියැසින් මැ බලා
කරමු අපේ ජිවිත පූජා

Queue is empty
-- / --