54 users have listened to this hymn this month (December 2025)
ජේසුනි ඔබේ ආදරේ, සෑමදා නොසැලී තියේ
ඔබේ ආදරේ, මහ මෙරක් වගේ
හිතාගන්නත් බෑ, අදහාගන්නත් බෑ
ඇයි ඔබ මට මෙතරම් ආදරේ
හැකිදෝ මවකට, තම කිරි දරුවා
අමතක කරන්නට, තම අත දරුවා
එසේ කලත් ඈ, ඔබනම් කිසිදා
අමතක කරන්නේ නෑ, මා ඔබේ දරුවා
ජේසුනි ඔබේ ආදරේ, සෑමදා නොසැලී තියේ...
අහසේ පියාඹනා, විහඟුන් කිසිදා
අටු කොටු වල නෑ, උන් රැස් කරලා
එනමුත් මගේ පියා, උන් නිති රකිනා
උන් සැමට වඩා, මා දිවි රකිනා
මා දිවි එතුමන්, සුරතේ රැකෙනා