Watila Ridila

වැටිලා රිදිලා

Spread the Good news!

Listen count (statistic)

28 users have listened to this hymn this month (April 2024)

Lyrics

වැටිලා රිදිලා
දරන්න බැරි ලෙස
මා ඔබ පාවා දුන් වෙලේ

ඔබ මා දෙස බලලා
මගේ පුතේ මම
ඒත් ආදරෙයි කීවා
මගේ දුවේ මම
ඒත් ආදරෙයි කීවා

ක්ලේෂය මා කෙලසන විට,
කෙලෙස්මලින් පෙලෙනා විට
හැඟීම් වලින් වැටෙනා විට,
ඔබේ ආදරේ ඔබේ ආදරේ
ඔබේ ආදරේ එයි ලඟටම

මතකය මා රිදවන විට,
අරගල මා තලනා විට
කඳුළින් දිවි පෙඟෙනා විට,
ඔබේ ආදරේ ඔබේ ආදරේ
ඔබේ ආදරේ එයි ලඟටම

කුණාටු මා වට කල විට,
ලෙඩ දුක් මරණය කරදර
නපුරා මා වෙත එන විට,
ඔබේ ආදරේ ඔබේ ආදරේ
ඔබේ ආදරේ එයි ලඟටම

Queue is empty
-- / --