Pera Niyama Lesin

පෙර නියම ලෙසින්

Spread the Good news!

Listen count (statistic)

121 users have listened to this hymn this month (September 2025)

Lyrics

පෙර නියම ලෙසින් - දහසක් අතරින්
අප කැඳවාගත් දෙවිඳුනි
මහ පුදුම ලෙසින් - මව් කුසයේ පටන්
අප තෝරාගත් යේසුනි

අපේ බලයෙන් නොවේ
දෙවිඳුන්ගේ බලයෙන්ම වේ
අපේ නුවණින් නොවේ
එය දෙවිඳුන්ගේ නියමය වේ

දුබලවූ අප දිවියේ
සැම පව් ඔබ දැරුවා
වහලුන් නොව ඔබගේ
මිතුරන් බව කීවා

අපේ බලයෙන් නොවේ
දෙවිඳුන්ගේ බලයෙන්ම වේ
අපේ නුවණින් නොවේ
එය දෙවිඳුන්ගේ නියමය වේ

මිදි වැලක අතු වගේ
පෑහී ඉඳිමු සැමා
ඵල දරමින් රිසි සේ
ඔබ තුල යැපෙමු සදා

පෙර නියම ලෙසින් - දහසක් අතරින්
අප කැඳවාගත් දෙවිඳුනි
මහ පුදුම ලෙසින් - මව් කුසයේ පටන්
අප තෝරාගත් යේසුනි

අපේ බලයෙන් නොවේ
දෙවිඳුන්ගේ බලයෙන්ම වේ
අපේ නුවණින් නොවේ
එය දෙවිඳුන්ගේ නියමය වේ

Queue is empty
-- / --